
මහත් ආන්දෝලනයකට පත් වූ කතරගම මැණික් ඉල්ලම පසුගියදා රුපියල් කෝටි 27 කට වෙන්දේසි විය. ශ්‍රී ලංකා ඉතිහාසයේ මැණික් ඉල්ලමක් වෙන්දේසිවු විශාලම මුදල මෙය බව පැවසේ. ලොව වැඩිම ඉල්ලුමක් ඇති නිල් මැණික් වර්ග රැසක්ම මේ ඉඩම්වල ඇති බව අනාවරණය වී තිබේ.
ව්‍යාපාරිකයන් හාරසියයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මේ වෙන්දේසියේදී පර්චස් 10 සිට 15 දක්වා ඉඩම් කැබලි 49ක් මෙලෙස වෙන්දේසිවි ඇති අතර වෙන්දේසිය සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් කිසිදු ලන්සුවක් ඉදිරිපත් නොකළ බවත් සමහර ඉඩම් කැබලි රුපියල් කෝටි 2කකට පමණ අලෙවි වූ බවත් පැවසේ.





No comments:
Post a Comment