Pages

AMW to unveil 11th generation Nissan Sunny

11 වැනි පරපුරේ Nissan Sunny මෝටර් රථය මේ මස අග දී වෙළඳපොළට

එදිනෙදා පවුලේ කටයුතු සඳහා ගැලපෙන මෝටර් රථයක්‌ සොයන ගැනුම්කරුවන් ඉලක්‌ක කර ගනිමින් නිසාන් වාහන ඉතිහාසයේ වඩාත් විශ්වසනීයම 11 වැනි පරපුරේ වාහන මොඩලය මේ මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළොට හදුන්වාදීමට නියමිතය.

සුඛෝපභෝගී බවින් ඉහළ වීම, දරාගත හැකි වටිනාකමකින් යුතු වීම, ඉන්ධන කාර්යක්‌ෂමතාව වැඩි වීම, පාද හැසිරවීම සඳහා ප්‍රමාණවත් තරම් ඉඩ කඩ තිබීම ආදී ලක්‌ෂණ ගණනාවකින් මෙම මෝටර් රථය සමන්විතයි.

ලංකාවෙන් බඩ ඉරිඟු පිටරටට


ඉතිහාසයේ ප්‍රථම වරට බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 10,000 ක් ලබන 22 වැනිදා තායිවානයට යැවීමට සියල්ල සූදානම් බවත් සහල් ටොන් 50,000ක් ද ළඟදීම රට යවන බවත් තවද මෙම බඩ ඉරිඟු තොගය රුපියල් කෝටි 35,000 පමණ වටිනා බවත් හාල් තොගය රුපියල් කෝටි 150,000 වටිනා බවත් කෘෂිකර්ම ඇමැති වරයා පවසයි.

පොහොර සහනාධාර, නව කෘෂි උපදෙස්, දේශගුණය යහපත් වීම හා උතුරු නැඟෙනහිර පුරන් බිම් අස්වැද්දීම නිසා ස්වයංපෝෂිත මට්ටමට වඩා වැඩි බඩ ඉරිඟු සහ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකිවී තිබෙන බවත් මෙරට වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 180,000 ක් වන අතර මෙවර මාස් කන්නයේ බඩඉරිඟු අස්වැන්න පමණක් මෙට්‍රික් ටොන් ලක්ෂ 2 ක් පමණ වු බවද ඊට අමතරව පසුගිය වසරවල ද බඩඉරිඟු ඉතිරි තොග තිබිම හේතුවෙන් මෙට්‍රික් ටොන් 10,000 ක් ඉතිහාසයේ ප්‍රථම වරට මෙවර අපනයනය කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම ඇමැති වරයා පවසයි.

Hutch 3G ලංකාව ආවරණයට සැරසේ


බස්‌නාහිර පළාතෙන් ආරම්භ කිරීමට නියමිත මෙම 3G ආවරණය මේ වසරේ ජූලි මාසයේ සිට දිවයින පුරා සම්ප්‍රේෂණ කුඵණු 1000 ක්‌ ඔස්‌සේ ලබාදීමට Hutch ආයතනය සැළසුම් කර ඇති අතර පසුගියදා කොළඹදී පැවති උත්සවයකදී තම 3G සේවාව දියත්කිරීම පිළිබද නිවේදනය ප්‍රකාශයට පත්කරන ලදි.

මේ වන විටත් මෙරට ජනගහණයෙන්  10% ක පමණ පිරිසක්‌ අන්තර්ජාලය පරිහරණය කරන අතර ශ්‍රී ලංකාව තුළ ස්‌ථාවර දුරකතන හා ජංගම දුරකතන ජාලයේ ප්‍රබල වර්ධනයක්‌ දක්‌නට ලැබෙන නමුත් අන්තර්ජාල භාවිතාව තවමත් මන්දගාමී තත්ත්වයක පවතින බවත්, Hutch 3G සේවාව හඳුන්වාදීමත් සමග එම ප්‍රතිශතය තවදුරටත් වර්ධනය කරගත හැකි බව මේ සඳහා එක්වු  Hutch Telecom Lanka ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ආනන්ද් ප්‍රකාශ් මහතා පවසා සිටින ලදි.

Hutch 3G පැකේජ මිල ගනන් පහතින් බලන්න

2012 London Olympic ‌ තරගාවලියේ විශේෂිත ඇඳුම් මැසීමේ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකාවට

ජගත් ඔලිම්පික්‌ කමිටුවට අනුබද්ධිත රටවල් 204 න් රටවල් 92 ක මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා යෝජිත මෙම නිල ඇඳුම් සැපයීමේ කොන්ත්‍රාත්තුව ලොව ප්‍රධානතම ක්‍රීඩා ඇඳුම් සහ භාණ්‌ඩ නිෂ්පාදන ආයතනයකට හිමිවී ඇති අතර, එම ආයතනය අපේකෂිත අවසන් කාර්යය වන එම ඇඳුම් මසා නිමකිරීම මෙසේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ නිමි ඇඳුම් කර්මාන්ත ආයතනයකට පවරා ඇත.

අදාළ ජාත්‍යන්තර ක්‍රීඩා භාණ්‌ඩ සහ ඇඳුම් නිෂ්පාදන ආයතනය සමග සම්බන්ධිත ගිවිසුම් අත්සන් කර ඇති රටවල් 92ඇමෙරිකා එක්‌සත් ජනපදය, සෝවියට්‌ රුසියාව, ජර්මනිය සහ චීනය වැනි රටවල් ද අයත් වන බව සඳහන් වේ.

SriLankan aviation academy one of the best authorised training centres

ශ්‍රී ලංකන් ගුවන් ප්‍රවාහන ඇකඩමිය දකුණු ආසියාවේ හොඳම දහය අතරට.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය 2012 වර්ෂය සඳහා නිකුත් කල නවතම වාර්තාවට අනුව, දකුණු ආසියාවේ හොඳම බලයලත් පුහුණු මධ්‍යස්ථාන 10 අතරට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් හි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන ඇකඩමියද නම් කර ඇත. මේ සඳහා පදනම් වූයේ, ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන ඇකඩමියේ උපායමාර්ගික දිශානතිය, ප්‍රගතිය, සේවා සැපයුම්වල ගුණාත්මකභාවය සහ 90% ක් තරම් ඉහළ මට්ටමක වූ සමස්ත ප්‍රතිඵලය මත බව සදහන්.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන ඇකඩමිය යනු ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් හි පුහුණු හා සංවර්ධන ආයතනය වන අතර එහි ක්‍රියාකාරී වැඩසටහන් මාලාවට,කළමනාකරණය හා අළෙවි, තොරතුරු තාක්ෂණය, මගී හා ගුවන් භාණ්ඩ සුරක්ෂිතතාව යන අධ්‍යාපන පීඨ පහක් යටතේ පැවැත්වෙන පුහුණු පාඨමාලා 80 කට වැඩි සංඛ්‍යාවක් අයත් වේ. එමඟින්, ශ්‍රී ලංකන් හි සියලු තරාතිරමේ සේවකයන්ට, කුසලතා, දැනුම හා අන්තර්පුද්ගල සම්බන්ධතා පුහුණුව ද ලබාදෙයි.


ICC World Twenty20 Sri Lanka 2012 - Ticket sales commenced on 26 March

2012 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ටිකට් අලෙවිය අද ඇරැඹේ.

විස්සයි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රවේශ පත‍්‍රය නිල වශයෙන් එළිදැක්වීම ඊයේ කොළඹ දී සිදුවුණ අතර ඒ  I.C.C. ප‍්‍රධාන විධායක හරූන් ලෝගාට් විසින් කී‍්‍රඩා අමාත්‍යවරයා වෙත නිල ප‍්‍රවේශ පත‍්‍රය භාරදීමෙන් අනතුරුවයි. තරගාවලිය සඳහා ප්‍රවේශ පත් අලෙවිය අද (26) පෙරවරු 9.00 සිට ඇරැඹේන අතර 80% ක ප්‍රවේශ පත් ප්‍රමාණයක් අද සිට අලෙවියට තැබේ. ඉතිරි ප්‍රවේශ පත් අලෙවියට තැබෙන්නේ ලබන අගෝස්තු මස 1 වැනිදායින් පසුවය.

අද සිට ලබන 29 දක්වා දින හතරක කාලය වෙන්කර ඇත්තේ ශ්‍රී ලාංකික නරඹන්නන්ට අන්තර්ජාලය මගින් හො පෞද්ගලිකව පැමිණ ප්‍රවේශ පත් මිලදී ගැනීම සදහා වන අතර විදේශීය නරඹන්නන් වෙනුවෙන් මාර්තු 30 වැනි දින ග්‍රිනිච් වේලාවෙන් පෙරවරු 9.00 ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර අලෙවිය ආරම්භ කෙරෙනු ඇත.

2012 සැප්තැම්බර් 19 සිට ඔක්තෝබර් 7 දක්වා කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනය, පල්ලෙකැලේ සහ සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනය යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී 4 වැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වේ. තරගාවලියේ පළමු වටයේ තරග සඳහා එක් අයෙකුට ප්‍රවේශ පත් 6 බැගින් ද, ‘සුපර් එයිට්’, අවසන් පූර්ව හා අවසාන තරගය සඳහා ප්‍රවේශ පත් 4 බැගින් ද මිලදී ගැනීමේ හැකියාව ඇත.

නිල ප්‍රවේශ පත් අලෙවි මධ්‍යස්ථානයන්.

Sri Lanka Expo 2012 අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනය සඳහා සියල්ල සුදානම්

කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ පුර්ණ දිරිබලයෙන් හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා එක්ස්පෝ 2012 අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනය ආසියාවේ කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගනිමුයන මූලික තේමාව යටතේ මාර්තු 28 සිට 31 වැනිදා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්විමට කටයුතු යොදා ඇත.

වසර 15කට පසුව නැවත මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙවැනි ප්‍රදර්ශනයක් මීට පෙර පවත්වා ඇත්තේ 1997 දී ය. රටවල් 40 ක ගැනුම්කරුවන් 700 ක් මෙන්ම, මෙරට ප්‍රධාන පෙළේ අපනයන සමාගම් 370 ක් හා නිෂ්පාදන අංශ ප්‍රදර්ශකයන් 225 ක් ද මෙයට එක්වෙන බව සදහන්. 

මෙම ප්‍රදර්ශනයේදී ලොව ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් සහභාගිවන වෙළෙඳ සම්මන්ත්‍රණයන්, ව්‍යාපාරික හමුවිම්, කර්මාන්තශාලා නිරීක්ෂණ චාරිකා මෙන්ම විලාසිතා දැක්මන් ආදියද සංවිධානය කර තිබේ.

විදේශීය භාෂා අටකින් තොරතුරු ලබා දීමට නව ඩිජිටල් යන්ත්‍ර කටුනායකට

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව ඉංග්‍රීසි, ජර්මන්, ජපන්, ලන්දේසි, චීන, අරාබි, රුසියා, සහ ඉතාලි යන විදේශීය භාෂා අටකින් තොරතුරු ලබා දීම සඳහා සැකැසූ විශේෂිත නව ඩිජිටල් යන්ත්‍ර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා අද හඳුන්වා දෙනු ලැබීය. මෙමගින් ශ්‍රිලංකාව පිලිබඳව මෙන්ම විදේශිකයන්ට අවශ්‍ය භණ්ඩ සහ සේවා ලබා ගත හැකි ස්ථාන පිළිබඳවද තොරතුරු ලබාගත හැක.

අර්ථික සංවර්ධන අමාත්‍යංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සහ ඉන්ටෙලෝ නෙට්වර්ක්ස් පෞද්ගලික සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙය හදුන්වාදෙයි.

සංචාරකයන්ගේ පැමිණීම ඉහළට


නවතම දත්ත වලට අනුව මේ වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් ගිය වසරේ අදාළ කාලය හා සැසඳීමේදී 27 % කින් වර්ධනය වී තිබෙන අතර පැමිණි ප්‍රමාණය 83,549 කි. එමෙන්ම මේ වසරේ මුල් මාස දෙක තුළදී මෙරටට පැමිණී සංචාරකයින් ප්‍රමාණය 21% කින් වර්ධනය වී තිබෙන අතර පැමිණ තිබෙන විදෙස් සංචාරකයන් ප්‍රමාණය 169,423 කි.

ඉන්දියානු සහ මාලදිවයින් සංචාරකයින්ගේ පැමිණීම ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර ඉන්දියාවෙන් පැමිණි ප්‍රමාණය 12.6% කිනුත් මාලදිවයිනෙන් පැමිණි ප්‍රමාණය 15.4%  කින් වර්ධනය වී ඇත. සංචාරකයන්ගේ පැමිණීම පිළිවෙලින් 11,342 හා 2,675 ලෙස සදහන්වේ. බටහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 38,364 ක් වන අතර එය 23.4% ක වර්ධනයකි. නැගෙනහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 3,675 ක් වන අතර එය 62.4%  ක වර්ධනයකි.

Airtel launches ‘Music Magic Card’ in Sri Lanka

එයාර්ටෙල්  මියුසික් මැජික් කාඩ්පත

එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ සිය ග්‍රාහකයින් වෙත තවත් විශේෂිත සේවාවක් වශයෙන්මියුසික් මැජික් කාඩ්පතහඳුන්වා දෙයි. එයාර්ටෙල්හි මෙම නව මියුසික් මැජික් කාඩ්පතෙහි සිංහල, ඉංගී‍්‍රසි, දමිළ සහ හින්දි ගීත 1000 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ. එමෙන්ම නව ගීතයන් ද එක්කරමින් මෙම මියුසික් මැජික් කාඩ්පත කලින් කලට යාවත්කාලීන කිරීමට ද එයාර්ටෙල් බලාපොරොත්තු වෙයි.

රු 79 කට මිලදි ගන්නා කාඩ්පතට මිනිත්තු 200ක සින්දු ඇසීමේ කාලයක් හිමිවන අතර මෙමඟින් සිය පාරිභෝගිකයින්ට එයාර්ටෙල් ජංගම දුරකථනය රේඩියෝවක් වශයෙන් භාවිත කරමින් ඕනෑම විටකදී පි‍්‍රයතම ගීත ඇසීමේ අවස්ථාව උදා වේ.