Pages

Sri Lanka Expo 2012 අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනය සඳහා සියල්ල සුදානම්

කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ පුර්ණ දිරිබලයෙන් හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා එක්ස්පෝ 2012 අන්තර්ජාතික වෙළඳ ප්‍රදර්ශනය ආසියාවේ කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගනිමුයන මූලික තේමාව යටතේ මාර්තු 28 සිට 31 වැනිදා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්විමට කටයුතු යොදා ඇත.

වසර 15කට පසුව නැවත මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙවැනි ප්‍රදර්ශනයක් මීට පෙර පවත්වා ඇත්තේ 1997 දී ය. රටවල් 40 ක ගැනුම්කරුවන් 700 ක් මෙන්ම, මෙරට ප්‍රධාන පෙළේ අපනයන සමාගම් 370 ක් හා නිෂ්පාදන අංශ ප්‍රදර්ශකයන් 225 ක් ද මෙයට එක්වෙන බව සදහන්. 

මෙම ප්‍රදර්ශනයේදී ලොව ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් සහභාගිවන වෙළෙඳ සම්මන්ත්‍රණයන්, ව්‍යාපාරික හමුවිම්, කර්මාන්තශාලා නිරීක්ෂණ චාරිකා මෙන්ම විලාසිතා දැක්මන් ආදියද සංවිධානය කර තිබේ.

ප්‍රදර්ශනයේ ප්‍රථම දින දෙක වන මාර්තු 28, 29 දිනවල විදේශීය ගැනුම්කරුවන් සඳහා පමණක් ප්‍රදර්ශනය විවෘත වන අතර අවසාන දින දෙක 30, 31 දිනයන්හි උදේ 10 සිට රාත්‍රි 8 දක්වා මහජනතාවට විවෘත කර ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

නිල වෙබ් අඩවිය - www.srilankaexpo.com

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...