Pages

Kia හදුන්වාදුන් ‘Rio’ දැන් Sri Lanka වේ




ශ්‍රි ලංකා මෝටර් රථ වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් සහිත Kia සන්නාමය පසුගියදා තම මෝටර් රථ එකතුවට ක්‍රීඩාශීලී පෙනුමකින් සහ හැච්බැක් නිමාවක් සමඟින් එන නව 2012 Rio රථය වෙළෙඳ පොළට එක් කරන ලදි.

එම අවස්ථාවට එක්වු Kia Motors (Lanka) Limited සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා අදහස් දක්වමින් කියා සිටියේ අති නවීන නිමාවත්, මෝටර් රථය සඳහා භාවිත කරන වඩාත් නවීන ආරක්ෂිත උපාංග සහ පරිසර හිතකාමී ඉහළ කාර්ය සාධනයක් සහිත මෙම නව Kia Rio රථය මෝටර් රථ ලෝලීන් අතට පත් වන්නේ වෙළෙඳපොළේ පවතින එම පන්තියේ අනෙකුත් මෝටර් රථ අතරට විශේෂත්වයක් එක් කරමින් බවයි. තවද Kia Rio රථය ගැමා 1.4 ගැසොලින් එන්ජිමක් සහිතව පැමිණෙන අතර තිරසාර සහ පරිසර හිතකාමී ක්‍රියාකාරිත්වය හේතුවෙන් ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිතව පාරිභෝගිකයා අතට පත්වන බවත් සදහන් කරන ලදි.

එහි ජායාරුප පහතින් බලන්න
රුපියල් මිලියන 2.65 සිට ඉහළට (exclusive of VAT) මෙම රථය මිල කර ඇති අතර ලංකා වෙළදපොළ තුලදි පහත වර්ණ මාදිලි 10 කින් මෙම රථය මිලදිගත හැක.

White (solid)
Fresh beige (pearl)
Signal red (pearl)
Electronic blue (pearl metallic)
Platinum graphite (pearl metallic)
Bright silver (metallic)
Caramel yellow (pearl metallic)
Wendy brown (pearl metallic)
Formal deep blue (pearl metallic)
Aurora black (pearl)


වැඩිදුර තොරතුරු -
KIA Motors Lanka Limited.
295,Union Place,
Colombo 02.
Tel - 011 2342726

 

 



 





3 comments:

  1. තනි ඇහැට ඇඩෙනවා......

    ReplyDelete
  2. photo wala dala thiyenne laft hand drive car ne.
    lankawata geanne laft hand da

    ReplyDelete
    Replies
    1. මෙම ඡායාරුප අන්තර්ජාලයෙන් උපුටාගත් ඒවා පමණි. ලංකාවට ගෙන්වනුයේ Right hand drive cars.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...