Pages

ලාංකික දෑතින් නිපදවු සුඛෝපභෝගී සංචාරක රුවල් යාත්‍රාව

ශ්‍රීලාංකික ඉංජිනේරුවන් සහ ශ්‍රමිකයන්ගේ දායකත්වයෙන් නිපදවූ සුඛෝපභෝගී සංචාරක රුවල් යාත්‍රාවක්‌ පසුගියදා වැලිගම මුහුදු තීරයෙන් දියත් කෙරිණි. කොග්ගල නිදහස් ආයෝජන කලාපයේ නිෂ්පාදිත මෙම සුඛෝපභෝගී රුවල් යාත්‍රාවන් විදේශිකයන්ගේ ඇණවුම් මත ශ්‍රී ලංකාවේදී නිපදවෙන අතර මෙවර දියත් කරන ලද්දේ ඔවුන් විසින් ඉදිකරනු ලැබූ සිව්වන රුවල් යාත්‍රාවයි.

මෙම රුවල් යාත‍්‍රාවේ උස මීටර පහකි. රුවල් කඳ මීටර 20කි. දිග මීටර 15.8 ක්‌ වන අතර අවරේ පළල මීටර 8.3කි. යුරෝපීය ප‍්‍රමිතියේ පයිබර් ග්ලාස්වලින් නිෂ්පාදිත බැවින් ඉතා සැහැල්ලු බරකින් යුතු වන එම යාත්‍රාවෙහි බර ටොන් 12 කටත් වඩා අඩුය. නිදන කාමර 4ක්‌, නාන කාමර, ශීතකරණ හා මාස තුන හතරකට අවශ්‍ය ආහාර ගබඩා කිරීමේ පහසුකම්ද සහිත මෙම යාත්‍රාවට විදුලිබලය ලබාගනුයේ සූර්ය තාපයෙනි. පානීය ජලය මුහුදු වතුරෙන් පෙරාගනී. පැයට නාවික සැතපුම් 22ක වේගයෙන් රුවලෙන් යාත‍්‍රා කළ හැකි මේ යාත‍්‍රාඞීසල් ඇන්ජින් දෙකකින්ද සමන්විත වීම විශේෂත්වයයි.

එහි ජායාරුප පහතින් බලන්න

  


1 comment:

  1. santhosai... sinhalayanta baa kiyala deyak naa, uthsakaroth onema deyak puluwan

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...