
සුසුකි වාහන සඳහා ශ්‍රි ලංකාවේ එකම බලයලත් නියෝජිත වන AMW සමාගම BS-IV(Bharat Stage–IV) තාක්ෂණය සහිත ඉන්දියාවේ ප්‍රථම මෝටර් රථය වන Suzuki Ritz මෝටර් රථය පසුගියදා (23) එළිදැක්වීය.
වර්තමාන යුරෝපීය මෝටර් රථ නිර්මාණ සංකල්පවලට අනුව හැඩගන්වා ඇති Suzuki Ritz මෝටර් රථය ශ්‍රි ලංකාවේ දුෂ්කර මාර්ගවලට පවා ගැලපෙන පරිදි, ශක්තිමත් සස්පෙන්ෂන් පද්ධතියකින් සහ මිලි මීටර් 170 ක බිම් වාසියකින් යුක්තය. තවද පිටුපස ආසනය, වැඩිහිටි මගීන් තිදෙනකුට පහසුවෙන් ගමන් කළ හැකි ඉඩපහසුවෙන් යුක්ත වන අතර මෙම රථය ලීටර් 1.2 ක ධාරිතාවෙන් යුක්ත, සිලින්ඩර4, 85PS පෙට්ට්‍රල් එන්ජිමකින් සමන්විතය.






බඩු කැල්ලනම් මරු
ReplyDeleteචිස් වගේ
ReplyDeletemeka lankawe kiyak wenawada ban?
ReplyDelete