Pages

කොටස් වෙළඳපොළහි ආයෝජනයේ ප්‍රථිලාභ




කොටස් ආයෝජනය මගින් උපයා ගත හැකි ප්‍රථිලාභ කොටස් දෙකකට දැක්විය හැකිය. 
    ලාභාංශ
    ප්‍රාග්ධන ලාභ
    සාමාගමක් විසින් කිසියම් කාල පරිච්ඡ්දයක් තුල උපයන ශුද්ධ ලාභයෙන් කොටස් හිමියන්ට බෙදා හරින ප්‍රමාණය ලාභාංශයි.මෙය බදු සඳහා යටත් වන අතරම සමාගම් සාමාන්‍යයෙන් ලාභාංශ මූලම්‍ය ආකාරයෙන් හෝ කොටස් ආකාරයෙන් ප්‍රකාශයට පත් කරනු ලබයි.

    කොටසක විකුණුම් මිල එහි ගැණුම් මිල ඉක්මවයි නම්, කොටස් ආයෝජකයකුට එමගින් ලැබෙනුයේ ප්‍රාග්ධන ලාභයයි. යම් ආයෝජනයක ප්‍රත්‍යක්ෂ ප්‍රථිලාභය එයයි. එසේම කොටසක විකුණුම් මිල එහි ගැණුම් මිලට වඩා පහළ අගයක් ගනියි නම්, එහිදී ආයෝජකයා ලබන්නේ ප්‍රාග්ධන අලාභයකි. කෙසේ වෙතත් කොටස් වෙළඳපොළහි දැකිය හැකි ආකර්ෂණීය ප්‍රථිලාභය වන්නේ ප්‍රාග්ධන ප්‍රථිලාභයයි.


    මේ අනුව කොටස් ආයෝජනයක සම්පුර්ණ ප්‍රථිලාභය වනුයේ ආයෝජනය පවතින මුලු කාලය තුළදී ආයෝජකයෙකු විසින් ලබාගත්,

    • ලාභාංශ + ප්‍රාග්ධන ලාභ

    මෙය නිදසුනක් මගින් මෙසේ දැක්විය හැක.

    ආයෝජකයකු  A නැමැති සමාගමක කොටස් 100 ක්එකක් රු 50 බැගින් 2011 ජනවාරි 01 මිලදිගනු ලැබුවේ නම් ඔහුගේ මූලික ආයෝජනය රු 5000 කි. වසර තුලදී සමාගම එක කොටසකට රු 2 ලාභාංශ ප්‍රකාශයට පත් කළහොත්, ආයෝජකයා සතු කොටස් 100 සඳහා රු 200 ක් ලාභාංශ වශයෙන් ලැබෙන අතර  2011 දෙසැම්බර්  මාසයේදී ආයෝජකයා විසින් එම කොටස් 100 ය කොටසක මිල රු 58 බැගින් විකුණන ලදි නම් (මිල ඉහළ යාම උපකල්පනයක් පමණි) එමගින් ලැබෙන ප්‍රාග්ධන ලාභය රු 800 කි. (100 x 58 = 5800, 5800 – 5000 = 800)

    ඒ අනුව සම්පුර්ණ ප්‍රථිලාභය
    • ලාභාංශ + ප්‍රාග්ධන ලාභ  = 200 + 800 = රු 1000
    ඉහත ප්‍රථිලාභ  හැරුණු විට යම් සමාගමක හිමිකරුවෙකු වශයෙන්, ආයෝජකයෙකුට එම සමාගමෙහි වාර්ෂික වාර්තාවක් ලැබීමටත්, එහි කොටස් හිමියන්ගේ සභා ‍රැස්වීම් වලදී ඡන්දය ප්‍රකාශ කිරීමටත් අයිතිවාසිකමක් ලැබේ.

    මිට අමතරව, කොටස් හිමි ආයෝජකයකුට ප්‍රසාද නිකුතුන් (Bonus Issue) හෝ හිමිකම් නිකුතුන් (Right Issue) ඔස්සේද ප්‍රථිලාභ අත් වන අවස්ථා තිබේ.

    - කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව නිකුත්කල ප්‍රකාශනයක් ඇසුරිනි.

    3 comments:

    1. ලාභාංශ කවදාවත් මට හම්බවෙලා නැනේ

      ReplyDelete
    2. Bonus Issue, Right Issue ganath Article1k dhanda

      ReplyDelete
    3. කොටස් වෙළඳ කියන්නේ ලංකාවේ තියෙන ලොකුම සූදුව.

      ReplyDelete

    Related Posts Plugin for WordPress, Blogger...