
11 වැනි පරපුරේ Nissan Sunny මෝටර් රථය මේ මස අග දී වෙළඳපොළට
එදිනෙදා පවුලේ කටයුතු සඳහා ගැලපෙන මෝටර් රථයක් සොයන ගැනුම්කරුවන් ඉලක්‌ක කර ගනිමින් නිසාන් වාහන ඉතිහාසයේ වඩාත් විශ්වසනීයම 11 වැනි පරපුරේ වාහන මොඩලය මේ මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළොට හදුන්වාදීමට නියමිතය.
සුඛෝපභෝගී බවින් ඉහළ වීම, දරාගත හැකි වටිනාකමකින් යුතු වීම, ඉන්ධන කාර්යක්‌ෂමතාව වැඩි වීම, පාද හැසිරවීම සඳහා ප්‍රමාණවත් තරම් ඉඩ කඩ තිබීම ආදී ලක්‌ෂණ ගණනාවකින් මෙම මෝටර් රථය සමන්විතයි.
ඉතා සුඛෝපභෝගී මෝටර් රථවල පමණක් දක්‌නට ලැබෙන පහසුකමක් වන පසුපස වායු සමීකරණය, නිර්මාණශීලී තාක්‌ෂණය සහ සැලකිය යුතු ලෙස ඉහළ නංවන ලද ඉන්ධන කාර්යක්‍ෂමතාව මෙන්ම අඩු කාබන්ඩයොක්‌සයිඩ් විමෝචනය හා ප්‍රමාණයෙන් විශාල වීම, සුඛෝපභෝගී වීම සහ විශිෂ්ට නිමාව හේතුවෙන් නව නිසාන් සනී මෝටර් රථය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළෙහි දැවැන්ත ජනප්‍රියතාවක් හිමි කර ගනු ඇතැයි සඳහන්.
No comments:
Post a Comment