
මගී ප්‍රවාහනය කාර්යක්ෂම කිරිම සඳහා මගීන්, බස් රථ හිමියන් හා බස් රථ සේවකයන් යන පාර්ශව තුනටම එකග විය හැකි නව ටිකට් යන්ත්‍රයක් සහ මුදල් ගෙවීමේ කාඩ් පතක් හදුන්වා දීමට Lisvin Trading (Pvt) Ltd කටයුතු යොදමින් සිටි.
මෙම නව බස් ටිකට් යන්ත්‍රයෙන් කඩන සෑම ටිකට්පතකම අදාල මුදල ඒ වෙලේම බස් හිමියගේ බැංකු ගිණුමට බැරවෙන අතර ටිකට් යන්ත්‍රය සඳහා විශේෂයෙන්ම නිපදවු ගෙවිමේ කාඩ් පතක් මගින් අදාල ගාස්තුව සදහා ගෙවීම් කල හැක, මෙහිදී මාරු කාසි ගැටළුවද පැනනොගනී.
මගියෙක් විසින් එක්වරක් පමණක් මිලදී ගතයුතු මෙම කාඩ්පතේ අගය අවසන් වු විට එය නැවත කැමති අගයකින් Reload කරගත හැක. Reload කිරීමේ පහසුකම කොන්දොස්තරවරයා මගින් ලබා දීමට නියමිතය. එහිදී කොන්දොස්තරවරයාට Reload කිරීම වෙනුවෙන් විශේෂ වට්ටමක් ලබා දීමටද නියමිතය.
No comments:
Post a Comment