Pages

කොළඹ කොටස් වෙළඳපොළට පිවිසුමක්


කොටස් වෙළඳපොළක් යනු කුමක්ද?

මිල කල පොදු සමාගම් කොටස් හෝ ණයකර මිලදි ගැනීම සහ විකිණීම සිදුකරන ස්ථානයයි. පොදු සමාගම් කොටස් වෙළඳපොළ යාන්ත්‍රණය උපයෝගි කර ගනිමින් කොටස් නිකුතුන් මගින් කොටස් ප්‍රාග්ධනයද, ණයකර නිකුතුවක් තුලින් ණය ප්‍රාග්ධනයද ‍රැස්කොට ගනියි.මෙහිදි සමහරක් සමාගම්  මුලික මහජන නිකුතුවක් කිරිම මගින් වෙළඳපොළට  නව කොටස් හෝ ණයකර මුදාහරින අතර අනෙක් සමාගම්  දැනටමත් ඇති කොටස් ප්‍රාග්ධනයෙන්  යම් ප්‍රමාණයක් විකුණුම් අපර්ණයක් ඔස්සේ වෙළඳපොළට මුදාහරිනු ලබයි.මෙම අවස්ථා දෙක තුලදීම ආයොජකයන් ඍජුවම අදාළ සමාගමින් කොටස් හෝ ණයකර මුදල් ගෙවා මිළදි ගනියි.සමාගම් කොටස් වෙළදපොලට පිවිසෙන අනෙක් අවස්ථව වනුයේ ඉහත අන්දමේ මහජන නිකුතුවක් සිදුනොකර හැදින්වීමක් ඔස්සේ කොටස් වෙළඳපොළෙහි ලේඛණගත වීමයි.

මේ කවර ආකාරයකින් හෝ කොටස් නැතිනම් ණයකර මිලදි ගැනීමෙන් ආයෝජකයින් එම අදාල සමාගමෙහි හෝ සමාගම්වල කොටස් හෝ ණයකර හිමියන් බවට පත්වේ.

මේ අන්දමින් ආයෝජකයින් විසින් මිලදි ගනුලැබු සමාගම් කොටස් හෝ ණයකර ද්විතියික වෙළදපොල තුලදි ගණුදෙනු වනු ලැබේ. කොළඹ කොටස් වෙළඳපොළ දැනට ශ්‍රිලංකාවේ ද්විතියික වෙළදපොල වශයෙන් ක්‍රියාත්මක වන අතර එහිදි සමාගම් කොටස් හෝ ණයකර සඳහා මිල තීරණය වනුයේ ඒවා සඳහා ඇති ඉල්ලුම හා සැපයුම මතයි.

කොටසක් යනු කුමක්ද?

සමාගමක ප්‍රාග්ධනය සමාන පංගුවලට බෙදුවහොත් එකී පංගුවක අයිතිකරුවෙකුට සමාගමේ ලාභයෙන් අනුපාතිකව ලාභ සඳහා අයිතිය ලබා දෙන්නක් ලෙස හැදින්විය හැක. ඔබ සමාගමක කොටසක හිමිකරුවකු නම් එම සමාගමේ අයිතියෙන් ඔබට හිමි ප්‍රමාණය කොටසකින් පිළිබිඹු කෙරේ.

උදාහරණ වශයෙන් යම් සමාගමක් විසින් කොටස් 100,000 වෙළඳපොළට නිකුත් කර ඇති විටෙක, යම් ආයෝජකයෙකු ඉන් කොටස් 1,000 ක් මිලදී ගෙන ඇත්නම්, ඉන් කියවෙන්නේ එම ආයෝජකයා එම සමාගමෙන් 1% හිමිකාරත්වයක් උසුලනු ලබන බවයි.

යම් සමාගමක හිමිකරුවෙකු වශයෙන්, ආයෝජකයෙකුට එම සමාගමෙහි වාර්ෂික වාර්තාවක් ලැබීමටත්, එහි කොටස් හිමියන්ගේ සභා ‍රැස්වීම් වලදී ඡන්දය ප්‍රකාශ කිරීමටත් අයිතිවාසිකමක් තිබේ.

- කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව නිකුත්කල ප්‍රකාශනයක් ඇසුරිනි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...