Pages

දකුණු ආසියාවේ උසම කුළුණට ගිවිසුම් අත්සන් කරයි

රුපියල් කෝටි 1147.3ක වියදමින් ඉදි කිරීමට යෝජිත නෙළුම් කුළුණ බහුසම්පේ‍්‍රෂණ විදුලි සංදේශ කුළුණ හා විනෝදාස්වාදය සපයන සේවා මධ්‍යස්ථානය ඉදිකිරීම් සඳහා වන ගිවිසුම අත්සන් කිරීම ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට සහ චීන ජන රජයට අයත් චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝට් ඇන්ඞ් එක්ස්පෝට් කෝපරේෂන් මෙන්ම එරෝස්පේස් ලෝන්ග් මාර්ච් ඉන්ටර්නැෂනල් ටේ‍්‍රඞ් ලිමිටඞ් යන සමාගම් අතර ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවේදී අද සිදුවු අතර මෙම කුළුණෙහි ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම ජනවාරි 20වන දින සිදුකිරීමට නියමිතයි.

උස මීටර් 350කින් යුත් මෙම කුළුණ දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැළකේ. රූපවාහිනී නාලිකා 50 ක්, ගුවන් විදුලි නාලිකා 50 ක් සහ විදුලි සංදේශ සේවාවන් සපයන්නන් 10 දෙනෙකුට මෙහි සම්පේ‍්‍රෂණ අවස්ථාවන් සැලසීමට නියමිතය. සම්පේ‍්‍රෂණ සේවාවට අමතරව කෞතුකාගාර, භෝජනාගාර, පරිපාලනමය කාර්යාල, ප‍්‍රදර්ශන ශාලා, අවන්හල් සහ විනෝද උද්‍යාන මෙම කුළුණ සමග ඉදිකිරීමට යෝජිත අතර මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලය තාක්ෂණික සහාය ලබා දීමට නියමිතය.

3 comments:

  1. mahinda Rajapaksha නෙළුම් කුළුණ.

    ReplyDelete
  2. හොඳ දෙයක්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...