Pages

ගිය වසරේදී උද්භිද උද්‍යාන ආදායම මිලියන 300 ඉක්මවයි

ගිය වසරේ මුල් මාස 11 තුල දී මෙරට ජාතික උද්භිද උද්‍යානවලින් රුපියල් මිලියන 311.4ක ආදායමක් ලබා තිබෙන බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා පේරාදෙණිය, හග්ගල සහ ගම්පහ උද්භිද උද්‍යානවලින් විදේශීය සංචාරකයන්ගෙන් රුපියල් මිලියන 229.5ක් සහ දේශීය සංචාරකයන්ගෙන් රුපියල් මිලියන 67.7ක් ද මල් පැළ අලෙවියෙන් රුපියල් මිලියන 12.2ක් සහ අනෙකුත් උද්භිද උද්‍යානවලින් රුපියල් මිලියන 02ක් ද අයත් බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

2016 වන විට ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන 10ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර එහි මුල් පියවර යටතේ මිරිජ්ජවිල හා අවිස්සාවේල්ල උද්භිද උද්‍යාන ඉදිකිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවත් අවිස්සාවේල්ල උද්භිද උද්‍යානය තුළ නවාතැන් පහසුකම්, පානීය ජල පහසුකම්, සේවක නිල නිවාස, ප්‍රවේශ පත්‍ර කවුළුව හා ඇතුළු වීමේ කවුළුව, සේවක නිල නිවාස ඉදි කිරීම ආදිය මේ දිනවල සිදු කෙරෙන බවත් හෙතෙම පවසයි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...