Pages

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් - මහ බැංකු අධිපතිවරයා

Fitch ratings ආයතනය ප්‍රකාශයට පත්කල ආසියානු පැසිෆික් කළාපීය රටවල සෛවරීත්ව ණය ඉදිරි දැක්ම (Asia-Pacific sovereign credit outlook) වාර්තාවෙන් පවසා තිබෙන්නේ බැංකු ක්‍රමයෙන් ගලායන ණය හේතුවෙන් වත්කම් මිල ඉහළ නගිමින් මූල්‍ය පද්ධතියට අවධානමක් ඇතිවී තිබෙන ලෝකයේ රටවල් 9  ක් අතුරින් හතරක් ආසියා පැසිෆික් කළාපයේ ඇති රටවල් බවත් ඒ අතුරින් එක් රටක් ලෙස ලංකාව සැලකිය හැකි බවයි. (අදාළ අවධානම තිබෙන ඉතිරි රටවල් 3 වන්නේ හොංකොං, චීනය හා ඉන්දුනීසියාව)

ෆිච් රේටින් නමැති විගණන ආයතනය විසින් මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා  කියා සිටින්නේ, ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය කිසිඳු අවදානමකට ලක්ව නැති බවත්, ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය, ආර්ථික වර්ධනය ආදියෙහි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවත් එම ප්‍රකාශය සැලැකිල්ලට ගත යුතු ප්‍රකාශයක් නොවන බව පෙන්වා දෙයි.

තවදුරටත් අදහස් දක්වමින් අධිපතිවරයා කියා සිටින්නේ ෆිච් රේටින් මඟින් අවදානම් ආර්ථිකයන් සහිත බවට නම් කළ ආසියාතික රටවල් සියල්ල ආර්ථික වර්ධනය අතින් සියයට 7.0 ඉක්ම වූ රටවල් බවත්, ෆිච් රේටින් ආයතනය විසින් ඍණ ආර්ථික වර්ධනයක් සහිත බටහිර රටවල් අමතක කර දමා ඇති බවත්ය.

6 comments:

  1. moka aethth kiyanawada manda..

    ReplyDelete
  2. ගල් මූසලයා

    ReplyDelete
  3. ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් Unata, Ape මූල්‍ය පද්ධතිය ශක්තිමත් naaa ne අධිපති thumo....

    ReplyDelete
  4. හොංකොං, චීනය හා ඉන්දුනීසියාව ahulath vela thiyena nisa , awlak na.

    ReplyDelete
  5. ඒක නෙමෙයි මම මෙ දන්නේ නැති නිසා අහන්නේ, ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තුමේන්තුව ශක්තිමත් ද?................

    ReplyDelete
  6. මහ බැංකු අධිපති11:55 AM, December 26, 2011

    @මෝඩයා

    ඒක විභාග දෙපාර්තුමේන්තුven Ahapan.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...