
රිදී රැයක් වාර්ෂික තරු මංගල්‍යය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ ප්‍රසාංගික කලා රඟහලේදී ජනවාරි 14 වැනි සෙනසුරාදා සවස 6.30 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දේශීය කලා කෙත පෝෂණය කිරීමට දායක වූ කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් පිහිටුවාගත් සිනෙස්‌ටාර් පදනම රිදී රැයක් ප්‍රසංගය සංවිධානය කරනු ලබන අතර කලාකරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා මෙන්ම ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක සෞඛ්‍ය රක්‍ෂණ ආවරණය සදහා අරමුදල් රැස්‌කිරීම මෙහි ප්‍රමුඛ අරමුණ වන අතර කලා ක්‍ෂෙත්‍රයේ පෝෂණය උදෙසා කැපවුණ ප්‍රවීණ කලාකරුවන් දෙදෙනෙකු අගයමින් විශේෂ මුදල් ප්‍රදානයක් සිදු කිරීමටද නියමිතව ඇත. ප්‍රවීණ කලාකරුවන් සමඟ ජනප්රීය තරු රැසක් එකතු වෙන රිදී රැයක්හි, නර්තන වින්‍යාසය අදියර සියල්ලේම රංග රචකයා චන්න විඡේවර්ධන වන අතර ප්‍රසංග පිටපත නිලාර් එන් කාසිම්ගෙනි.
නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ අභිනව රඟහල තුළ පවත්වන විශාලතම ප්‍රසාංගික විචිත්‍රාංගය වන රිදී රැයක් සඳහා මෙවර පූර්ණ දිරි බලය සපයන්නේ ජාතික සන්නිවේදන සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සහ ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන සමාගම වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගමයි.
No comments:
Post a Comment