Pages

මහජන සම්පත 2500 වැනි ලොතරැයිය වෙළෙඳපොළට

මහජන සම්පත 2500 වැනි වාරයේ ලොතරැයිපත් "ලොතරැයි ඉතිහාසයේ රන් සලකුණ" නමින් වෙළෙඳපොළට නිකුත් කෙරේ. මහජන සම්පත ලොතරැයිය මේ මස 20 වැනි දින වන විට වසර හතලිස්‌ දෙකක්‌ සම්පූර්ණ කරන අතර මෙම දිනුම්වාරය වෙනුවෙන් 1970 රටට හඳුන්වාදුන් මහජන ලොතරැයියේ පැරණිකම ඉස්‌මතු කරන චිත්‍රයක්‌ සහිතව ප්‍රමාණයෙන් විශාලව ලොතරැයිපත මුද්‍රණය කර ඇත.

2500වෙනි දිනුම් ඇදීම වෙනුවෙන් සුපුරුදු අංකවලට අමතරව විශේෂිත අංකයක්‌ ටිකට්‌පතේ සඳහන් කර ඇති අතර එම අංකය වෙනුවෙන් ද දිනුම් ඇදීමක්‌ සිදුකෙරෙන අතර, ජයග්‍රාහකයාට රුපියල් ලක්‍ෂ 50 කට අධික සුඛෝපභෝගී මෝටර් රථයක්‌ පිරිනැමේ.

මෙම සුවිශේෂී අවස්‌ථාව වෙනුවෙන් සජීවී සංගීත ප්‍රසංගයක්‌ පොළොන්නරුව මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාල භූමියේදී මෙම මස 20 වැනි දින පැවැත්වීමට නියමිත අතර ප්‍රසංගය ස්‌වාධීන රූපවාහිනිය ඔස්‌සේ විකාශනය කෙරේ.

මෙම දිනුම් ඇදීම වෙනුවෙන් පොළොන්නරුව හා අනුරාධපුර දිස්‌ත්‍රික්‌කවල අලෙවි කරන ටිකට්‌පත් සමඟ කූපන් පතක්‌ නොමිලේ නිකුත් කිරිමට කටයුතු යොදා ඇති අතර එය පුරවා අලෙවි නියෝජිතයන්ට බාරදීමෙන් ප්‍රසංග වේදිකාවේදී කුසපත් ඇදීමෙන් තොරාගන්නා ලද ජයග්‍රාහකයන්ට පිළිවෙළින් ත්‍රිරෝද රථයක්‌, යතුරුපැදියක්‌, වතුර මෝටරයක්‌ සහ සැනසිලි ත්‍යාග ලෙස පාපැදි 10 ක්‌ පිරිනැමේ.

මහජන සම්පත ලොතරැයිය පසුගිය හය වසරක්‌ තුළ (2006 - 2011) කෝටිපතියන්  47 ක් බිහිකර ඇති අතර එම කාලය තුළ රටේ සංවර්ධනයට මිලියන 2940 ක්‌ පිරිනමද්දී ත්‍යාගලාභීන්ට මිලියන 8643 ක්‌ද පිරිනමා ඇත.

1 comment:

  1. apita nam miliyana ganan onena.... aduma gane 100/- 200/- adunama ati.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...