
නවතම දත්ත වලට අනුව මේ වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් ගිය වසරේ අදාළ කාලය හා සැසඳීමේදී 27 % කින් වර්ධනය වී තිබෙන අතර පැමිණි ප්‍රමාණය 83,549 කි. එමෙන්ම මේ වසරේ මුල් මාස දෙක තුළදී මෙරටට පැමිණී සංචාරකයින් ප්‍රමාණය 21% කින් වර්ධනය වී තිබෙන අතර පැමිණ තිබෙන විදෙස් සංචාරකයන් ප්‍රමාණය 169,423 කි.
ඉන්දියානු සහ මාලදිවයින් සංචාරකයින්ගේ පැමිණීම ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර ඉන්දියාවෙන් පැමිණි ප්‍රමාණය 12.6% කිනුත් මාලදිවයිනෙන් පැමිණි ප්‍රමාණය 15.4% කින් වර්ධනය වී ඇත. සංචාරකයන්ගේ පැමිණීම පිළිවෙලින් 11,342 හා 2,675 ලෙස සදහන්වේ. බටහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 38,364 ක් වන අතර එය 23.4% ක වර්ධනයකි. නැගෙනහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 3,675 ක් වන අතර එය 62.4% ක වර්ධනයකි.
මැදපෙරදිගින් සංචාරකයින් 3,675 ක්ද, උතුරු ඇමරිකාවෙන් 4,166 ක්ද, ඇමරිකාවෙන් 2,252 ක්ද කැනඩාවෙන් 1,914 ක්ද පැමිණ තිබෙන අතර එය පිළිවෙලින් 21%, 20%, 17.7% හා 22.9% ක වර්ධනයකි.
ගිය වසරේදී මෙරටට පැමිණි සමස්ථ සංචාරකයින් ප්‍රමාණය 30.8% කින් වර්ධනය වූ අතර පැමිණ තිබෙන විදෙස් සංචාරකයන් ප්‍රමාණය 855,975 කි.
No comments:
Post a Comment