
සුප්‍රසිද්ධ ඉන්දීය බජාජ් සමාගම RE60 නමින් අඩුමිල මෝටර් රථයක් ළඟදීම වෙළඳපොළට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙහි විශේෂත්වය වනුයේ මෙම මෝටර් රථයේ මිල ටාටා නැනෝ රථයේ මිලටත් වඩා අඩු වීමයි.
ටාටා නැනෝ මෝටර් රථය ඉලක්ක කර තිබෙන වෙළඳ පොළම මෙම රථයේද ඉලක්කය වන අතර මුලින්ම මෙම රථය ශ්‍රිලංකාවට හදුන්වාදීමට නියමිතය. 200 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් සමන්විත RE 60 රථයේ යා හැකි උපරිම වේගය පැයකට කිලෝ මීටර් 70 ක් වන අතර පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර 35 ක් පමණ ගමන් කිරීමට හැකි බව ද සදහන් වේ.









ටටා nano එකට වඩා මේක නියමයි වගේ
ReplyDeleteමම දන්න තරමින් මේකෙ තියෙන්නෙත් බජාජ් 3wheeler එකේ එන්ජිම. නරකම නෑ බාන්ඩෙ.
ReplyDeleteඅපිට ඉතින් මේ වගේ එකක් වත් ගන්ඩ පුලුවන් උනොත් හොදයි
ReplyDeleteඅපේ රටේම හදපු වාහනයක යන්න හම්බ වෙන්නේ කවද්ද? වෙන රටවලින් එන ඒවා අපේ රටේ හදන එකම වහනෙටත් වඩා ගණන් අඩුයි,,
ReplyDelete4@ ube katawa hariyatama hari. micro company 1ta goverment1n support ekak na.
ReplyDeleteAI THAWA THIYANA WA KARATHTHA KIYALA JATHIYAK
ReplyDeleteදැනට ලංකාවේ තියෙන ත්‍රීවීල් ටික සම්පූර්ණයෙන්ම අයින් කරලා ඒ වෙනුවට ත්‍රීවීල් කාරයින්ට මේ බජාජ් කාර් එක හරි, මෛක්‍රෝ කාර් එක හරි ගන්න උනන්දු කරනවා නම් තමයි හොඳ. මොකද මං එහෙම කියන්නේ? ඔය ත්‍රීවීල් කියන ජරාව මුළු රටටම ගෙන්නේ අවලස්සනක්. ත්‍රීවීල් කියන්නේ මහා වසංගතයක්. දියුණුයි කියන කිසිම රටක නැති දෙයක් තමයි ඔය ත්‍රීවීල්. නිකං කල්පනා කරලා බලන්න, හරි හමං වහලයක් වත් නැති, කැන්වස් රෙද්දක් පොරොවපු පතෝල මැස්සකට වාහනයක් කියලා කියන්නේ කොහොමද? ත්‍රී වීල් කියන්නේ ඇංජිමක් හයි කරපු කඩල කරත්තයක් මිසක් වෙන මොකක්ද? ලංකාව දැන් මධ්‍යම ආදායම් ලබන රටක් නම් ඔය ත්‍රීවීල් පාරෙන් අයින් කරන්න ඕනේ.
ReplyDeleteSasanka උබේ කතාව හරියටම හරි. හැබැයි ඉතින් ත්‍රීවීල් වගේ මෙකත් වසංගතයක් වෙයිද?
ReplyDelete@ boss, ඒකත් ඇත්ත මචං...
ReplyDelete