
ජගත් ඔලිම්පික් කමිටුවට අනුබද්ධිත රටවල් 204 න් රටවල් 92 ක මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා යෝජිත මෙම නිල ඇඳුම් සැපයීමේ කොන්ත්‍රාත්තුව ලොව ප්‍රධානතම ක්‍රීඩා ඇඳුම් සහ භාණ්‌ඩ නිෂ්පාදන ආයතනයකට හිමිවී ඇති අතර, එම ආයතනය අපේකෂිත අවසන් කාර්යය වන එම ඇඳුම් මසා නිමකිරීම මෙසේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ නිමි ඇඳුම් කර්මාන්ත ආයතනයකට පවරා ඇත.
අදාළ ජාත්‍යන්තර ක්‍රීඩා භාණ්‌ඩ සහ ඇඳුම් නිෂ්පාදන ආයතනය සමග සම්බන්ධිත ගිවිසුම් අත්සන් කර ඇති රටවල් 92 ට ඇමෙරිකා එක්‌සත් ජනපදය, සෝවියට් රුසියාව, ජර්මනිය සහ චීනය වැනි රටවල් ද අයත් වන බව සඳහන් වේ.
තරගාවලියේ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ භාවිතය සඳහා විවේක කාලයේදී ඇඳීමට, පුහුණු කටයුතුවල නියෑළෙන අවස්‌ථාවලදී ඇඳීමට සහ තරග අවස්‌ථාවේදී ඇඳීම සඳහා අදාළ ජාත්‍යන්තර සමාගම විසින් ඇඳුම් සපයනු ලබන අතර තරග අවස්‌ථාව නිල ඇඳුම (Games Day Kit) ශ්‍රී ලංකාවේ දී මසා නිම කරනු ලබන විශේෂිත ඇඳුම වේ. තරග අවස්‌ථා ඇඳුම් බෙල්ලේ සිට පාදාන්තය දක්‌වා වැසුණු ඇඳුමක් වන අතර දෙවැන්න කොටස් දෙකකින් සමන්විතකොට කලිසම සහ බැනියම බව පැවසේ. පළමු ඇඳුම කෙටි දුර ධාවනය සඳහා ද දෙවැන්න මැදි දුර සහ දිගු දුර සඳහා විශේෂිතය.
No comments:
Post a Comment