
2012 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ටිකට් අලෙවිය අද ඇරැඹේ.
විස්සයි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රවේශ පත‍්‍රය නිල වශයෙන් එළිදැක්වීම ඊයේ කොළඹ දී සිදුවුණ අතර ඒ I.C.C. ප‍්‍රධාන විධායක හරූන් ලෝගාට් විසින් කී‍්‍රඩා අමාත්‍යවරයා වෙත නිල ප‍්‍රවේශ පත‍්‍රය භාරදීමෙන් අනතුරුවයි. තරගාවලිය සඳහා ප්‍රවේශ පත් අලෙවිය අද (26) පෙරවරු 9.00 සිට ඇරැඹේන අතර 80% ක ප්‍රවේශ පත් ප්‍රමාණයක් අද සිට අලෙවියට තැබේ. ඉතිරි ප්‍රවේශ පත් අලෙවියට තැබෙන්නේ ලබන අගෝස්තු මස 1 වැනිදායින් පසුවය.
අද සිට ලබන 29 දක්වා දින හතරක කාලය වෙන්කර ඇත්තේ ශ්‍රී ලාංකික නරඹන්නන්ට අන්තර්ජාලය මගින් හො පෞද්ගලිකව පැමිණ ප්‍රවේශ පත් මිලදී ගැනීම සදහා වන අතර විදේශීය නරඹන්නන් වෙනුවෙන් මාර්තු 30 වැනි දින ග්‍රිනිච් වේලාවෙන් පෙරවරු 9.00 ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර අලෙවිය ආරම්භ කෙරෙනු ඇත.
2012 සැප්තැම්බර් 19 සිට ඔක්තෝබර් 7 දක්වා කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනය, පල්ලෙකැලේ සහ සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනය යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී 4 වැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වේ. තරගාවලියේ පළමු වටයේ තරග සඳහා එක් අයෙකුට ප්‍රවේශ පත් 6 බැගින් ද, ‘සුපර් එයිට්’, අවසන් පූර්ව හා අවසාන තරගය සඳහා ප්‍රවේශ පත් 4 බැගින් ද මිලදී ගැනීමේ හැකියාව ඇත.
නිල ප්‍රවේශ පත් අලෙවි මධ්‍යස්ථානයන්.
කොළඹ -
තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණය,
අංක 299,
මහාචාර්ය ස්ටැන්ලි ජයසුන්දර මාවත,
කොළඹ 7.මහනුවර -
පියවර 1–7,
කැන්ඩි සිටි සෙන්ටර්,
අංක 5, දළදා වීදිය,
මහනුවර.හම්බන්තොට -
නිව් අශෝක ස්ටෝර්ස්,
අංක 103, තිස්ස පාර,
හම්බන්තොට.මීට අමතරව තෝරා ගත් මනිග්‍රෑම් මධ්‍යස්ථානවලින් හා www.icc-cricket.com වෙබ් අඩවිය හරහා ක්‍රෙඩිට් කාඩ් මගින්ද මුදල් ගෙවා ප්‍රවේශ පත් මිලදී ගත හැකි අතර අන්තර්ජාලයෙන් සිදු කරන ගෙවීම් අමෙරිකානු ඩොලර් හෝ ශ්‍රී ලංකා රුපියල් යන මුදල් දෙවර්ගයෙන් ම සිදුකළ හැක.
No comments:
Post a Comment