
Expo Rail හි අලුත්ම ගමනාන්තය වව්නියාව වන අතර කොළඹ සිට වව්නියාව දක්වා සුඛෝපභෝගී දුම්රිය මැදිරියක සුඛෝපභෝගී චාරිකාවක් දැන් ඔබට ලබා දෙයි. මීට ඉහතදී කොළඹ-බදුල්ල හා කොළඹ-නුවර දුම්රිය ගමනාන්ත සඳහා Expo Rail සුඛෝපභෝගී දුම්රිය මැදිරිය එක් කරන ලදි.
කොළඹ කොටුවෙන් ප.ව. 4.20 ට ගමන් ආරම්භ කරන අනුරාධපුර/වව්නියා නගරාන්තර සිඝ්‍රගාමි දුම්රියට මෙලෙස Expo Rail සුඛෝපභෝගී දුම්රිය මැදිරියක් එක්කර ඇත. සතියේ ඕනෑම දිනකදී මේ ගමන් මගෙහි ඇති ඕනෑම නැවතුම්පොළකින් මගීන් හට මේ සුවපහසු සේවාව හා සම්බන්ධ විය හැකිය.

ප.ව. 8.15 ට අනුරාධපුරයටත් ප.ව. 9.10 ට වවුනියාවටත් ළඟා වන මෙම නගරාන්තර සිඝ්‍රගාමි දුම්රිය වවුනියාවෙන් හා අනුරාධපුරයෙන් පිලිවෙලින් කොළඹ බලා පිටත් වීම පෙ.ව. 5.45 ට හා පෙ.ව. 6.40 වන අතර එය කොළඹ කරා ළඟාවන්නේ පෙ.ව. 10.25 ටය.
දුම්රිය කාලසටහන් හා මිල ගනන් පහතින් බලන්න
කොළඹ–නුවර නගරාන්තර දුම්රිය දිනපතා ගමනාන්තයන් දෙකෙන්ම ආරම්භ වන අතර කොළඹ–බදුල්ල දුම්රිය සෙනසුරාදා, සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනයන්හිදී කොළඹින්ද, ඉරිදා, අඟහරුවාදා සහ සිකුරාදා දිනයන්හිදී බදුල්ලෙන්ද ධාවනය ආරම්භ කෙරේ. ත්‍රිකුණාමලය ඊළඟ ගමනාන්තය කරගනිමින් Expo Rail එහි මෙහෙයුම් තවත් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව සදහන්.
No comments:
Post a Comment