නව කැන්ඩොස් "කැච්" වෙළෙඳපොළට
කොකෝවා බටර් සාරයෙන් යුක්‌ත නව චොක්‌ලට් නිෂ්පාදනයක් කැන්ඩොස් "කැච්" නමින් සිලෝන් චොක්‌ලට් සමාගම පසුගියදා වෙළෙඳ පොළට හඳුන්වා දෙනු ලැබීය. දේශීය කොකෝවා වලින් පමණක් නිෂ්පාදිත මෙම නිෂ්පාදනය වෙළෙඳ පොළේ පවතින අනිකුත් මිල්ක් චොක්‌ලට්‌වලට වඩා උසස් තත්ත්වයෙන් යුක්‌තව පාරිභෝගිකයන්ට ඉදිරිපත් කරන බව සමාගම පවසයි.
මෙරට වෙළෙඳ පොළේ සුපිරි වෙළෙඳ සල්, ෆාමසි හා කැන්ඩොස් වෙළෙඳ සල්වලින් පමණක් මෙම නිෂ්පාදනය පාරිභෝගිකයන්ට අතේ ඇති මුදලට මිලදී ගත හැකි වන ලෙස ප්‍රමාණ දෙකකින් වෙළෙඳ පොළට හඳුන්වාදීමට සමාගම කටයුතු යොදා ඇති අතර ග්‍රෑම් 12 කැන්ඩොස් "කැච්" පැකට්‌ටුවක් රුපියල් 25 කටත් හා ග්‍රෑම් 30 පැකට්‌ටුවක් රුපියල් 50 කටත් මිල නියමකර ඇත.
No comments:
Post a Comment