Pages

බිලියන 1.2 ක ආයෝජනයෙන් අපනයනය සඳහාම බිස්කට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් මන්චි වෙතින්

විශාල වෙළෙඳ‍පොළ ක්‍රියාකාරිත්වයක් ඇති දේශීය සමාගමක් වන Ceylon Biscuits සමාගමේ (CBL) මන්චි බිස්කට්වලට ඇති ඉල්ලුම දේශියව මෙන්ම විදේශියව ශීඝ්‍රයෙන් වැඩි වන බැවින් විදේශ ඉල්ලුම සැපයීමට රුපියල් බිලියන 1.2 ක ආයෝජනයෙන් අවිස්සාවේල්ල සීතාවක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ අපනයනය සඳහාම මන්චි බිස්කට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඉදිකරමින් පවතින බව එහි නව කළමනාකාර අධ්‍යක්ෂිකා ශියාමලී වික්‍රමසිංහ මහත්මිය ජාතික පුවත් පතකට අදහස් දක්වමින් පවසයි. 

CBL සමාගම් සමූහයේ සියලු නිෂ්පාදන මෙරට වෙළෙඳ‍පොළේ ප්‍රමුඛ නිෂ්පාදනයන් වන අතර මන්චි බිස්කට්, වෙළෙඳ‍පොළේ අඩකටත් වඩා වැඩි හිමිකාරිත්වයක් උසුලයි. මෙරට පාරිභෝගිකයන් රසවිඳින මන්චි බිස්කට්වල මෙන්ම රටවල් 45කට අපනයන කරන මන්චි බිස්කට්වලද ඇත්තේ එකම ප්‍රමිතිය හා රසය යැයි ද සාර්ක් කලාපයේ අංක එකේ බිස්කට් බවට මන්චි පත්කිරීම සමාගමේ අරමුණ බවත් මේ වන විටත් මන්චි ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල පාරිභෝගික ජනතාව අතර ජනාදරයට පත්වි ඇති බවත් යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ, උතුරු ඇමෙරිකාවේ සහ අප්‍රිකාවේ මන්චි සඳහා හොඳ වෙළෙඳ‍පොළක් පවතින බවත් නිසි වෙළෙඳ‍පොළ අවස්ථා ඇති ඕනෑම රටකට පිවිසීමට මන්චි සූදානම් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසයි.

මන්චි නිෂ්පාදනයන්හි නවතම හදුන්වාදීම ලෙස ඖෂධීය ගුණයෙන් යුත් මන්චි බිස්කට් පෙළක් මේ වනවිට වෙළඳ‍පොළට ඉදිරිපත් කර තිබේ. කුරක්කන් ක්‍රැකර්, කරපිංචා ක්‍රැකර් සහ කොතලහිඹුටු බිස්කට් මෙම ඖෂධීය බිස්කට් නිෂ්පාදන පෙළයි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...