Pages

දැයට කිරුළ ප්‍රදර්ශන භුමියට ඇතුල් වියහැකි ප්‍රධාන පිවිසුම් තුන (3)

අනුරාධපුර ඔයාමඩුවේදී  පැවැත්වෙන දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට ප්‍රධාන මාර්ග තුනක් (3) ඔස්සේ දැයට කිරුළ ප්‍රදර්ශන භුමියට පිවිසිය හැක.

පුත්තලම-අනුරාධපුරය මාර්ගයේ පැමිණෙන්නන්හට නොච්චියාගම සිට නිකවැව පාරේ ඔයාමඩුව දෙසට කිලෝමීටර් 20ක් පමණ යාමෙන් දැයට කිරුළ ප්‍රදර්ශන භූමියට පැමිණිය හැකි අතර එම මාර්ගයේ රථ වාහන තුන්දහසක් (3000) පමණ ගාල් කර හැකි රථ ගාලක් ඉදි කර ඇත.

අනුරාධපුර නගරයට පැමිණීමෙන් අනතුරුව අනුරාධපුර-විලච්චිය මාර්ගය ඔස්සේ ඔයාමඩුව වෙතට කිලෝමීටර් 16ක් පමණ පැමිණිමෙන් ඔයාමඩුවට පිවිසිය හැකි අතර පැමිණෙන රථ වාහන නැවැත්වීම සඳහා රථ වාහන පන්දහසක් (5000) පමණ නැවැත්විය හැකි පරිදි රථ ගාලක් ඉදි කර ඇත.

මාර්ග සිතියම පහතින් බලන්න
එසේම මැදවච්චිය සිට මන්නාරම පාරේ පැමිණ සෙට්ටිකුලම් වෙතට පැමිණ තන්තිරිමලේ දක්වා පැමිණීමෙන්  තන්තිරිමලය-විලච්චිය මාර්ගයේ ඔස්සේ ඔයාමඩුව දක්වාත් ගමන් කිරීමට හැකි අතර එම මාර්ගයේ ද  රථ වාහන තුන්දහසක් (3000) පමණ ගාල් කර හැකි රථ ගාලක් ද ඉදි කර ඇත.

බස් රථ වලින් ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණෙන මගීන් හට ඔයාමඩුව ප්‍රදර්ශන භූමිය ආසන්නයේ විශේෂ බස් නැවතුම් පළක් ඉදි කර තිබේ.


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...